ඊයේ (11) අම්පාරේදී පැවැත් වූ දිගාමඩුල්ල දිස්ත්‍රික් ගොවි සමුළුවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියේදී තමා හා එක්වීමට නියමිත පාර්ෂවයක් පිළිබඳ අදහස් පළකලා.
ඔහු කියා සිටියේ, කිසිඳු කුමන්ත්‍රණයක් හමුවේ තමන් නොසැලෙනා බවත්, ඉදිරියේදී බණ්ඩාරනායක පාර්ශ්වයද තම දේශපාලන ගමන සමඟින් එක් වීමට නියාමිත බවත් ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා,
” හැමෝම අපිට බයවෙලා ඉන්නේ, අලිත් බයයි, සීනුවත් බයයි, මාලිමාවත් බයයි, පොහොට්ටුවත් බයයි එම කණ්ඩායම් එකට එක්කහුවෙලා එක එක කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරනවා අපිව පරාජය කරන්න.
නමුත් ඔය එක කුමන්ත්‍රණයකටවත් සජිත් ප්‍රේමදාස සැලෙන්නේ හෝ පරාජය වෙන්නේ නැහැ, හොඳට බලාගෙන ඉන්න.
අනාගතයේදී බණ්ඩාරණායක මැතිණියගේ පාර්ශ්වයත් අපිත් සමග එකතු වෙනවා. මේ අවස්ථාවේ මම ඒක මතක් කරන්න ඕනි.
අපේ රජයක් තුළ ඉඩම්, ඉඩම් සංවර්ධන, වාරිමාර්ග, මේ සියල්ලක්ම එක අමාත්‍යාංශයක් යටතට ගේනවා ඔය එක එක්කෙනාගේ දේශපාලන අශාවල් ඉටු කරන්න කිසිම වෙලාවක අමාත්‍යාංශ කඩන්නේ නැහැ.
ඒ වගේම අපේ සැලසුම වෙන්නේ ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තික් නිර්මාණය කර ඒ තුළින් මෙරට ගොවියා රජවරුන් බවට පත්කිරීමයි”