සජිත් ප්‍රේමදාස අගමැති කරන්න ජනපති සුදානම්.!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට අග්‍රාමාත්‍ය ධූරය ලබා දීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පැවසූ බව රවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් යන මන්ත්‍රීවරුන් සඳහන් කර ඇත.

සුළු ජාතික පක්‍ෂ නියෝජිතයන් වත්මන් ආණ්ඩුවට සහාය දීමට ඕනෑම අවස්ථාවක සුළු ජාතික පක්ෂ ලෙස සූදානම් බව සුළු ජාතික පක්ෂ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර පැවති සාකච්ඡාවකදී මේ බව සදහන් කර ඇත.

නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔවුන්ට පෙරළා ප්‍රතිචාර දක්වා ඇත්තේ තනි තනි පුද්ගලයන් හෝ තනි තනි පක්ෂ ලෙස නොව කණ්ඩායමක් ලෙස සජිත් ප්‍රේමදාස සමග ආණ්ඩුවට සහයෝගය දීම වඩාත් සුදුසු බවයි.

රවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් මන්ත්‍රීවරුන් විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත මේ බව දැනුම් දී ඇති බවද වාර්තා වේ.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close