අද (23) දින සක්විති රණසිංහ ඇතුළු විත්තිකරුවන් 11දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් රුපියල් කෝටි 14කට අධික මුදල නැවත ගෙවීමේ සැලැස්ම අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කරයි.
එම විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා 19ක් යටතේ ගොනුකර ඇති නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම නියෝගය ලබාදී ඇත.
අනතුරුව විත්තිකරුවන් විසින් අදාළ මුදල නැවත ගෙවීම සඳහා එකඟ වී ඇති බවත් එළඹෙන මාර්තු මස 17 වැනිදා එම සැලැස්ම අධිකරණය වෙත දැනුම්දෙන ලෙසටද නියෝග කර ඇත.