ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ (රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අනුබද්ධ) සේවකයන්ට පසුගිය පෙබරවාරි මාසයේ සිට වැටුප් ගෙවා නැති බව ඔවුන් සදහන් කරයි.
සේවකයින්ට පැමිණීමේ දීමනාව මාස 06කින් ගෙවා නැති බවත් ආර්ථික දුෂ්කරතා මත සියලු රාජ්‍ය සේවකයන්ට ලබා දුන් රුපියල් 5000ක දීමනාවද මාස 05කින් ගෙවා නැති බවද ඔවුන් සදහන් කරයි.
දෙසැම්බර් හා ජනවාරි මස වැටුප් කොටස් වශයෙන් ගෙවූ බවත් පසුගිය පෙබරවාරි මස වැටුපෙන් 40%ක මුදලක් බැංකු ගිණුමට බැර කර තිබු බවද ඔවුන් සදහන් කරයි.