මැතිවරණය සඳහා පෙනී සිටින රාජ්‍ය සේවකයින් සඳහා වැටුප් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වු බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සදහන් කරයි.
මාර්තු මස 09 වනදා සිට අප්‍රේල් මස 25 වනදා දක්වා වු මුලික වැටුප ගෙවීමට (03) දිනයේ රැස්වු අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කළ බවද රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සදහන් කරයි.
ජගත් කුමාර මන්ත්‍රීවරයා අද දින පාර්ලිමේන්තුවේදී අසන ලද පැනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මේ බව සදහන් කරයි.
එහිදී එළැඹෙන අප්‍රේල් මස 10 වනදාට පෙර සියලුම දෙනාටම මුලික වැටුප හිමිවන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර තවදුරටත් සදහන් කරයි.