සමනල වැව නැරඹීමට සිය පෙම්වතා සමග පැමිණි තරුණියක් බියගන්වා කැලෑබද ප්‍රදේශයකට රැගෙන ගොස් ඇයට ලිංගික අතරවර කළ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
18 හැවිරිදි එම තරුණියක් සිය පෙම්වතා සමඟ පසුගිය 08 වනදා සමනලවැව ඉස්මත්තට පැමිණ ඇති අතර යතුරුපැදියකින් පැමිණි පොලිස් නිලධාරියෙකු පෙම්වතා සන්තකයේ මත්ද්‍රව්‍ය ඇතැයි කියමින් ඔහුව පරීක්ෂාවට ලක්කර ඇත.
පසුව පෙම්වතාගේ එක් අතකට මාංචු දමා මාංචුවේ අතින් කොටස යතුරුපැදියේ සවිකර තරුණියව බලහත්කාරයෙන් කැලෑ ප්‍රදේශයට රැගෙන ගොස් ඇති අතර එය දුටු පුද්ගලයෙකු මේ පිළිබඳ සමනලවැව පොලීසියට දැනුම්දී ඇති අතර කඩිනමින් පොලීසිය එම ස්ථානයට පැමිණ ඇත.
පොලීසිය එම ස්ථානයට පැමිණෙන විටත් පොලිස් කොස්තාපල්වරයා එම තරුණිය නිරුවත් කර සිටි ඇති බවත් අනතුරුව සමනල වැව පොලීසිය විසින් එම සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.
අනතුරුව අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා ඊයේ දින බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරව එළඹෙන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ඔහුගේ වැඩ තහනමට ලක් කර ඇත.