මහාචාර්ය සනත් නන්දසිරි සංගීතවේදියාගේ අවසන් කටයුතු අදයි.!

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ අග්‍රගන්‍ය සංගීතඥයෙකු ලෙස රසික හදවත් සංස්පර්ශ කළ සම්මානිත මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි අසහාය සංගීතවේදියා පසුගියදා සිය ජීවන චාරිකාව නිමා කළේය.

මේ වන විට මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරිගේ දේහය නුගේගොඩ ඇඹුල්දෙනිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ මහජන ගෞරවය සදහා තැන්පත් කර ඇත.

අද (01) දින පෙරවරුවේ මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරිගේ දේහය ඔහු කුලපති ධුරය හොබවමින් සිටි සෞන්දර්ය කලා විශ්ව ව්ද්‍යාලය වෙත රැගෙන යාමට නියමිතව ඇත.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රය වෙත මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරිගේ දේහය රැගෙන යාමට නියමිතව ඇත.

අනතුරුව මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරිගේ දේහය බොරැල්ල පොදු සුසාන භූමියට රැගෙන යාමට නියමිත අතර එහිදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close