සනත් නිශාන්ත මියයෑම සහ සැකකරුවෝ නිදහස් වීම.!

අරගල සමයේදී හිටපු අමාත්‍ය සනත් නිශාන්තගේ පුත්තලම නිවස ගිනිතබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හලාවත අධිකරණයට ඉදිරිපත් කර තිබූ සැකකරුවන් 68 දෙනෙකු නිදහස් කිරීමට අධිකරණය අද (04) නියෝග කළ බව එම සැකකාර පිරිස වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ස්විනි පෙරේරා පැවසීය.

මෙම නඩුවේ සාක්ෂි කරුවන් දෙදෙනාම මිය යෑම සහ පොලීසිය ප්‍රමාණවත් සාක්ෂි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අපොහොසත් වීමත් හේතුවෙන්   මෙම සැකකරුවන් 68දෙනා නිදහස් කිරීමට අධිකරණය තීරණය කර ඇති බවද එහිදී නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement