සනත් නිශාන්ත මහින්දගේ බත් බැලයෙක් වූ හේතුව බිරිඳ හෙළි කරයි.!

සනත් නිශාන්තගේ බිරිඳ වන චමරි පෙරේරා විසින් පුත්තලම දිස්ත්‍රික්කයේ පැවති රැස්වීමක් අමතමින් කියා සිටියේ, මහින්ද රාජපක්ෂ නමැති යුහ චරිතය ‘ මයිනා’ නමින් සමාජයේ ගැරහීමට පාත්‍ර වූයේ ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීමට ගොස් බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ එහිදී ඇය කියා සිටියේ,

“ඔබේ අනාගතය ආරක්ෂා කරන්නට තමයි මේ මහින්ද රාජපක්ෂ කියන යුග චරිතය ‘මයිනා, කියන නම අහගත්තේ. ඔබේ ගමට මේ තාර පාරවල් ටික ආව නම්, ඔබේ ගමට වතුර ෆිල්ටරයක් ආව නම් ඔබේ ගමේ රෝහල් රෝහල් ගානේ බඩු ටික ආව නම් මේ නායකයගේ නායකත්වය තුළමයි මේ සියළු දේ අපිට ලැබුනේ. ඒ නිසා තමයි සනත් නිශාන්තලා මහින්ද රාජපක්ෂට කඩේ ගියේ. මේ සමාජ ජාලා අස්සේ මහින්ද රාජපක්ෂගේ බත් බැලයෙක් ගානට සනත් නිශාන්ත වැටුණේ එන්න ඒ ප්‍රතිපත්තියට ගරු කරපු නිසයි. නැතුව මහින්ද රාජපක්ෂගේ ගෙදර කිසි දෙයක් අපේ ගෙදර තිබුණේ නෑ.”

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close