සරසවි සිසුන්ට ප්‍රහාරයක්.. 42ක් රෝහලේ.!

ජවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සහ මීපේ විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසකට හන්තාන කන්ද තරණය කිරීමේදී බඹර ප්‍රහාරයක් එල්ල වීමෙන් 42 දෙනකු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

එම විශ්වවිද්‍යාල සිසුන් ඊයේ (01) දින හන්තාන කඳු තරණයට එක්වීමෙන් අනතුරුව සවස් කාලයේ බඹර ප්‍රහාරයට ලක්ව ඇති අතර හන්තාන තරණය සඳහා සිසු සිසුවියන් 275 දෙනකු සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් 64 දෙනකු එක්ව ඇත.

පොලීසියට ලැබුණු පණිවිඩයකට අනුව පොලිස් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව සුවසැරිය ගිලන් රථ මගින් තුවාලකරුවන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close