ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම ගැන විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්.!

5 වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනකට නිදහස් ලකුණු පිරිනැමීමට විභාග දෙපාර්තමේන්තුව ගත් තීරණය දරුවන් ගැන හිතලා ගත්තු තීරණයක් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සදහන් කරයි.

විභාග දෙපාර්තමේන්තුව විසින් නැවත ශිෂ්‍යත්ව විභාගයක් පැවැත්වීමට මැලි වන්නේ නැති බවත් මෙම සිද්ධියේ තත්ත්වය දිහා බලපුවහම නැවත විභාගයට යන්නේ නැතුව ඉතාම සාධාරණයක් ඉෂ්ට කිරීමට පුළුවන් තත්ත්වයක තිබෙන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.

විභාග කොමසාරිස් ජනරාල්වරයා තවදුරටත් සදහන් කළේ,

“මේ සම්බන්ධ සම්පූර්ණ වාර්තාවක් ලේකම්තුමිය විසින් අග්‍රාමාත්‍යවරියට අපි ඉදිරිපත් කළා. අපි දුන්න වාර්තා තවදුරටත් අධ්‍යයනය කරලා, නිර්දේශ ලබාදෙන්න කමිටුවක් පත් කළා. ඒ පත්කරපු කමිටුවේ නිර්දේශ දීර්ඝ වශයෙන් අපි සාකච්ඡා කරලා තමා මේ තීරණයට ආවේ.

මෙතැනදි අපි ඊයේ දවසේදී ප්‍රකාශයට පත් කළේ, විසඳුමක් හැටියට ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදෙන්න. පිළිතුරු සැපයු, නොසැපයු සියලු දෙනාට සම්පුර්ණ ලකුණු ලබාදෙන්න. ඒ අනුව ඉතා ඉක්මනින් ඇගයීම් සිදුකර ප්‍රතිඵල ලබාදෙන්නත්. 

විශේෂයෙන්ම දරුවන්ට යම්කිසි ගැටලුවක් එන්නේ නම් එය අවම වෙන විදියට ගන්න පුළුවන් වුණේ. යම්කිසි විදියකට මේ තීරණය නිසා විශාල අගතියක් සිද්ධවෙනවා නම් පැහැදිලිවම අපි ප්‍රකාශ කරන්න ඕනේ, අපි නැවත විභාගයකට යන්න මැලි වෙන්නේ නෑ.

අපි එවැනි තීරණ අරන් තියෙනවා. නමුත් මේ තත්ත්වය දිහා බලපුවහම අපිට නැවත විභාගයට යන්නේ නැතුව ඉතාම සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් තත්ත්වයක තියෙනවා. ඒකට අපේ විශේෂඥ කණ්ඩායම් ඒ මත ප්‍රකාශ කරලා තියෙනවා.

ඒ අනුව දරුවන්ට ඉතාම සාධාරණයක් ඉටුවෙන අයුරින් තමා අපි මේ තීරණය ගත්තේ. විශේෂයෙන්ම මේක දරුවන් ගැන හිතලා ගත්තු තීරණයක්. අපි කවුරුත් දන්නවා මේ විභාගය මේ දරුවන්ට විශාල පීඩනයක් කියලා. අපි ඒක තවදුරටත් වැඩි කරන්නේ නැතුව මේක සාධාරණ විසඳුමක් කියලා සඳහන් කරනවා.

අපේ යෝජනාව තුළ අපි විකල්ප තුනක් ඉදිරිපත් කළා. ඒ විසඳුම් තුනේ එකක් නැවත විභාගය පැවැත්වීම. අනෙක් විසඳුම ඒ ප්‍රශ්න තුන ඉවත් කරලා ඒ ලකුණු අනිත් ප්‍රශ්න සඳහා ලබාදීම. අනිත් විසඳුම පිළිතුර කුමක් වුවත් නිදහස් ලකුණක් ලබාදීම. අපි මේ විසඳුම් තුන විශේෂඥ කණ්ඩායමට ඉදිරිපත් කළා.”

අද (30) දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මේ බව සදහන් කරයි.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement