ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය ගැන පොලීසියෙන් විශේෂ නිවේදනයක්.!

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 03ට අමතරව වෙනත් ප්‍රශ්න පිටවී ඇති බවට සාක්ෂි පවතින්නේ නම් ඒ පිළිබඳ තොරතුරු ළඟම පොලිස් ස්ථානය වෙත ලබාදෙන ලෙස පොලීසිය ඉල්ලීමක් කරයි.

එළඹෙන (07) වන දිනට පෙර අදාළ තොරතුරු ළඟම පොලිස් ස්ථානය වෙත භාරදෙන ලෙස හෝ ඊට පෙර දිවයිනේ පිහිටි පොලිස් කොට්ඨාස වල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයන් වෙත ගොස් පැමිණිලි ඉදිරිපත් කල හැකි බව පොලීසිය සදහන් කරයි.

කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් එම පැමිණිලි සටහන් කොට අදාල විර්මශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට කටයුතු කරන බවද පොලීසිය සදහන් කරයි.

සාක්ෂි ලෙස ඕනෑම උපකරණයක් හෝ ලේඛණයක් ඉදිරිපත් කල හැකි අතර තමා ඒ පිළිබඳ දන්නා ඕනෑම තොරතුරක් ලබාදීමට හැකි බවත් කොට්ඨාස භාර නිලධාරී කාර්යාලය වෙත යාමට යම් අපහසුතාවයක් ඇති පුද්ගලයෙකු සිටී නම් ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත ගොස් පැමිණිලි හෝ තොරතුරු ඉදිරිපත් කරන ලෙසද පොලිසිය මහජනතාව වෙත දන්වා සිටියි.

Loading

2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments