නානුඔය අනතුර සිදුවූ නුවරඑළිය – රදැල්ල කෙටි මාර්ගයේ බර වාහන ධාවනය තාවකාලිකව තහනම් කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා නිවේදනය කරයි.
කොළඹ, තර්ස්ටර් විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයක්, වෑන් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදු වූ අනතුර හේතුවෙන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
මෙම අනතුරින් තුවාල ලැබූ 53 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව නුවරඑළිය මහ රෝහලේ අධ්යක්ෂ, වෛද්‍ය මහේන්ද්‍ර සෙනවිරත්න සඳහන් කළේය.
මෙම අනතුරින් පාසල් සිසුවෙක් මිය ගොස් ඇති අතර එසේ මිය ගොස් ඇත්තේ 14 හැවිරිදි Ahamed Zain වන අතර තවත් එක් සිසුවෙක් දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
අනෙකුත් මියගිය පුද්ගලයින් අතර අවුරුදු 13 ක පිරිමි දරුවෙක් සහ අවුරුදු 8 හා 12 යන වයස්වල පසුවන ගැහැණු දරුවන් දෙදෙනෙකු ද වේ.
මියගිය සෙසු පුද්ගලයින් අවුරුදු 26, 27, 43 යන වයස්වල පසුවන අතර මියගිය පුද්ගලයින් හැටන් සහ නානුඹය පදිංචිකරුවන් බව පොලීසිය සදහන් කරයි.