අද (20) සවස නුවරඑළිය – නානුඔය ප්රදේශයේදී මාරක රිය අනතුරක් සිදුවී ඇත.
පාසල් ළමුන් පිරිසක් විනෝද චාරිකාවක් ගිය බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
මෙම අනතුරින් පුද්ගලයින් පිරිසක් බරපතළ තුවාල ලබා ඇති අතර, ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක් වාර්තා වී නැත.
එම ස්ථානයට මේ වනවිට ගිලන් රථ පැමිණ තුවාල ලැබූවන් රෝහල්ගත කෙරෙමින් සිටින බව වාර්තා වේ.
වෑන් රථයක ගැටීමෙන් බස් රථය අඩි 50ක් පමණ ගැඹුරු ප්රපාතයකට පෙරලී ඇති බවද පොලීසිය සදහන් කරයි.