By unusuma.lk on
(LK time)අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආපදාවලට ලක්ව ඇති පාසල්වලට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
පාසල්වලට නිවාඩු ලබාදීමේදී පළාත් ප්‍රධාන ලේකම්, පළාත් අධ්‍යාපන ලේකම් හෝ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් සුදුසු පරිදි අවශ්‍ය පියවර ගන්නා ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් ලබාදී ඇත.
ඒ අනුව කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට (15) දිනයේත් වසා තැබීමට බස්නාහිර පළාත් වැඩබලන අධ්‍යාපන අධ්‍යක්ෂවරයා තීරණය කර ඇත.
මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු සමග සාකච්ඡා කර ඇති බවද අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.