2022 වර්ෂයේ සියලුම රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරයේ දෙවන අදියර ජනවාරි (20) සිකුරාදා දිනයෙන් අවසන් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.
මුස්ලිම් පාසල් සඳහා තෙවන වාරයේ දෙවන අදියර 2023.02.06 සඳුදා දින අවසන් වන බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
සියලුම පාසල්වල තෙවන වාරයේ තෙවන අදියර 2023.02.20 වන සඳුදා දිනයෙන් ආරම්භ වන බවත් හෙට (20) දිනයේ සියලුම රජයේ පාසල් වලට නිවාඩු ලබාදීමට නියමිත බවද අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.