පාසල් වාර විභාගයේ ප්‍රශ්න පත්‍රත් පිටවෙලා.!

පාසල් දෙවන වාර පරික්ෂණය පැවැත්වීමට පෙර 10 වන ශ්‍රේණියේ විද්‍යාව සහ තොරතුරු හා සංනිවේදන ප්‍රශ්න පත්‍ර දෙකම උපකාරක පන්ති පවත්වන ගුරුවරුන් අතට පත්ව ඇති බවට දෙමාපියන් පිරිසක් චෝදනා කරයි.

උතුරු මැද පාසල්වල 10 වන ශ්‍රේණියේ සිසුන් (08) දින විද්‍යාව විෂය සදහා පාසල් වාර විභාගය පැවති අතර (09) දින තොරතුරු හා සංනිවේදන විභාගය පැවැත්වුණද එම විභාගය පැවැත්විමට පෙර ප්‍රශ්න පත්‍ර දෙකම පිටවී ඇති බවද දෙමාපියන් සදහන් කරයි.

විභාගය පැවැත්විමට පෙර ඉහත ප්‍රශ්න පත්‍ර දෙකම ‌පොළොන්නරුව හා හිගුරක්ගොඩ යන ප්‍රදේශවල උපකාරක පන්ති පවත්වන ගුරුවරු විසින් තමන්ගේ උපකාරක පන්ති සදහා සහභාගි වන දරුවන්ට ලබාදී ඇති බවද දෙමාපියන් සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු සදහන් කළේ, එම ප්‍රශ්න පත්‍ර දෙක විභාගයට ප්‍රථම උපකාරක පංති පවත්වන ගුරුවරුන් අතට පත්ව තිබු බවට තමන්ට තොරතුරු ලැබී තිබුණ බවයි.

කෙසේ වෙතත් එම ප්‍රශ්න පත්‍ර පිටවමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරික්ෂණයක් පවත්වන ලෙසට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට උපදෙස් ලබාදුන් බව උතුරු මැද ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්වරයා සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.