පාසල් නිවාඩුව දිගු කරයි.!

උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය එළඹෙන (01) වැනිදා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කිරීම හේතුවෙන් 2023 වසරේ පාසල් 03 වන වාරයේ දෙවන අදියර එළඹෙන (05) වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

මීට පෙර 2023 වසරේ 03 වන පාසල් වාරයේ දෙවන අදියර එළඹෙන (01) වැනිදා ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබුණු අතර උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍ර වල ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිටවීම හේතුවෙන් නැවත පැවැත්වීමට තීරණය කළේය.

ඒ අනුව කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස එළඹෙන (01) වනදා උදෑසන 08.30 සිට 11.40 දක්වා පැවැත්වීමට නියමිත අතර එහි පළමු කොටස එදිනම පස්වරු 01.00 සිට 03.00 දක්වා පැවැත්වෙයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close