සියලුම පාසල් දරුවන් වෙනුවෙන් රජය විශේෂ තීරණයක් ගනී.!

රටේ සියලුම පාසල් දරුවන් ගැන සිතා පසුගිය 2017 වසරේ ආරම්භ කළ සුරක්ෂා රක්ෂණය යළිත් ආරම්භ කරන බව ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ සදහන් කරයි.

පසුගිය 2022 වසරේදී නවතා දැමු සුරක්ෂා රක්ෂණය ආරම්භ කිරීම කාලෝචිත කාරණයක් බවත් පාසල් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීම සඳහා මෙමගින් මනා පිටුවහලක් ලැබෙන බවද මහාචාර්ය ආශු මාරසිංහ සදහන් කරයි.

සියලුම රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්, පිරිවෙන් සහ විශේෂ පාසල සිසුන් සඳහා මෙම රක්ෂණාවරණය හිමිවන බවත් රක්ෂණය සම්බන්ධ විශේෂඥ දැනුමක් තිබෙන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වැනි ආයතනයක් සුරක්ෂා රක්ෂණයට දායක කර ගැනීමට නියමිතව තිබෙන්නේ යැයිද ආශු මාරසිංහ සදහන් කරයි.

මෙය යටතේ රජයේ හෝ පෞද්ගලික රෝහලක නේවාසි ප්‍රතිකාර සඳහා රුපියල් ලක්ෂ තුනක් දක්වාත්, බාහිර ප්‍රතිකාර සඳහා රුපියල් විසිදහසක් දක්වාත්, අසාධ්‍ය රෝගී තත්ත්වයන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 15 දක්වාත් ප්‍රතිලාභ හිමි වෙන බවද ආශු මාරසිංහ සදහන් කරයි.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආශු මාරසිංහ මේ බව සදහන් කරයි.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement