පාසල් සිසුන් වෙනුවෙන් ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය ගැන අලුත් වැඩක්.!

අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් පාසල් සිසුන් සඳහා ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ පෙළපොත් සකස් කිරීමටත් ඊට අදාළ විවිධ පාර්ශ්ව දැනුවත් කිරීමට විශේෂ කමිටුවක් පත්කරන ලෙස උපදෙස් දී ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන්ට පසුගියදා පාර්ලිමේන්තුවේදී කාරක සභාව රැස්වූ අවස්ථාවේදී ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න මෙම දැනුම්දීම සිදු කරයි.

විවිධ ආයතන, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යන ආයතවල නියෝජිතයන් ද මෙම කමිටුවට ඇතුළත් වන පරිදි එය පිහිටුවා එහි ප්‍රධාන වගකීම අධ්‍යාපන අමාත්‍යාංශය භාර ගන්නා ලෙසද රෝහිණි කුමාරි විජේරත්න උපදෙස් ලබාදෙයි.

අවුරුදු 16 ඉක්මවූ පාසල් සිසුන්ව ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීමට දැනටමත් පෙළපොත් සකස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් කාරක සභාවට පවසා ඇති අතර මෙම කමිටුවේ වගකීම් මාස ​​තුනක් ඇතුළත අවසන් කළ යුතු බවද රෝහිණි කුමාරි විජේරත්න පවසා සිටියි.

පාසල් දරුවාගේ මනසට ගැළපෙන පරිදි කුඩා කළ සිටම ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව දරුවන්ව දැනුවත් කිරීමේ අවශ්‍යතාවක් පවතින බැවින් ඒ සඳහා පෙළපොත් සකස් කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කළ යුතු බව කමිටුව විසින් අවධාරණය කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close