පාසල් ළමුන් හා දෙමාපියන් රවටා මුදල් වංචා කළ 49 හැවිරිදි ගුරුවරියක් ගම්පහ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ ජාත්‍යන්තර පාසලක නැටුම් අංශ බාර මෙම ගුරුවරිය නැටුම් කණ්ඩායමේ සිසුවියන් ජර්මනියට යැවීමට බව පවසා දෙමාපියන්ගෙන් මුදල් ලබාගෙන ඇත.
මෙම ගුරුවරිය පාසල් සිසුවියන්ගේ දෙමාපියන් රවටා රුපියල් ලක්ෂ 05ත් 06ත් වශයෙන් මුදල් ලබාගෙන ඇති බවත් ඇය රුපියල් ලක්ෂ 50ක් පමණ වංචා කර ඇති බවද සදහන් කරයි.
ගුරුවරියට ලක්ෂ ගණනින් මුදල් ලබාදීම සම්බන්ධයෙන් පැමිණිලි හතරක් ලැබී ඇති බවද පොලීසිය තවදුරටත් සදහන් කරයි.