අධික වර්ෂාවත් සමග ටොනාඩෝවක් වැනි සුළගක් හේතුවෙන් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ඇස්බැස්ටෝ, උළු සෙවිලි කර තිබු ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් රුපියල් ලක්ෂ 15ක පමණ අලාභ හානියක් සිදුවී ඇති බව පාසලේ විදුහල්පතිවරයා සදහන් කරයි.
පාසලේ ගොඩනැගිලි කිහිපයක වහලය මෙලෙස සුළගට ගසා ගෙන ගොස් හානි සිදුව ඇති බවත් සුළග සමග ආ වැස්ස හේතුවෙන් පංති වලට වැසි වතුර ගලා එමෙන් හා පරිගණක ඒකකයට හානි සිදුව ඇති බවත් දරුවන්ගේ ඩෙස්, පුටු හා මේස වැස්සට තෙමී ඇති බවද පාසලේ විදුහල්පතිවරයා සදහන් කරයි.
පාසලේ සේවිලි කර තිබු ඇස්බැස්ටෝ තහඩු මිටර් 50කට වැඩි දුරකින් පිහිටි කරුකුපනේ කලපුවට විසිවි ගොස් තිබු බවත් ඊයේ (29) දින නිවාඩු දිනයක් හේතුවෙන් කිසිවකුටත් හානියක් සිදුව නොමැති බවත් අලාභ හානිය පිළිබදව ඉහල බළධාරීන් දැනුවත් කර ඇති බවද පාසලේ විදුහල්පතිවරයා සදහන් කරයි.