පාසල් සිසුවියගේ මරණයේ සැකකරුවන්ට අධිකරණයෙන් දුන් තීන්දුව.!

කළුතර ලැගුම්හලක උඩු මහලින් වැටී 16 හැවිරිදි පාසල් සිසුවිය මියයාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් සිව්දෙනා අද (26) කලුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත යළි ඉදිරිපත් කළේය.

එම ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් සිව්දෙනා අධිකරණය වෙත යළි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස (09) වනදා දක්වා බන්ධනාගාර ගතකර ඇත.

තවද පාසල් සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් උපකාරක පංති ගුරුවරයාද අද කලුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත යළි ඉදිරිපත් කළේය.

එම ලිංගික අතවර කල උපකාරක පංති ගුරුවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස (09) වනදා දක්වා බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close