සේනක බටගොඩගේ හඬින් යලි නෑසෙන ගීත.!

මෙසේ ගායනය කිරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (02) නිකුත්කල වාරනයට අදාල ගීත වනුයේ, අපි කවුරුද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා, හීනවලට පනක් තිබෙනවා, හොඳම දේ, සැනසෙන්නම් යන ගීත 7 යි.

ජනත් කුලතිලක විසින් අධිකරණය හමුවේ ගොනුකර තිබූ පැමිණිල්ලක් සලකාබැලූ විනිසුරුවරයා ජනත් කුලතිලක මහතාගේ ලිඛිත අවසරයකින් තොරව එම ගීත 7 වෙනත් පාර්ශ්වයන් වෙත පැවරීම වළක්වාලමින් ද වාරණයක් නිකුත් කළේය.

ඒකාබද්ධ තනු නිර්මාණය, ගීත පදරචනය සහ සංගීත සංකලනය කළ ජනත් කුලතිලකට බුද්ධිමය දේපොළ පනත යටතේ ගෙවිය යුතු කතෘ භාගය නොගෙවීම සම්බන්ධයෙන් මෙම නියෝගය නිකුත් කර ඇත.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close