රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම් සදහා ලබාදෙන පොලී අනුපාත සම්බන්ධව විමර්ශන පැවැත්වූ කමිටුවේ වාර්තාව එළඹෙන සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට භාර දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි.
වයස අවුරුදු 60ට වැඩි ජේෂ්ඨ පුරවැසියන්ට හිමි ගිණුම් ලක්ෂ 11ක් පමණ පවතින අතර එම ගිණුම්වල පොලී අනුපාත පිළිබඳව විශ්ලේෂණ වාර්තාවක් දෙන්නැයි ජනාධිපතිවරයා පසුගියදා මුදල් රාජ්‍ය අමාත්‍යවරයාට උපදෙස් ලබාදී ඇත.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම්වලට ලැබෙන පොලිය ඉතා අඩු බවට කාලයක සිට චෝදනා එල්ල වෙමින් පවතින අතර පොලී අනුපාතය කොතරම් ඉහළ දැමිය හැකිදැයි සොයා බලා ඊට අනුව කටයුතු කරන ලෙස අමාත්‍යවරයා එම කමිටුවට උපදෙස් ලබාදී ඇත.