දළදා වහන්සේට අපහාස කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුව ගත් සේපාල් අමරසිංහ පසුගිය දා බන්ධනාගාර ගත කළේය.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සේපාල් අමරසිංහට බන්ධනාගාර නිළධාරීන් පිරිසක් හා සැකකරුවන් පිරිසක් පහර දුන් බවට පැමිණිලි කර ඇති අතර එම පහරදීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා මානව හිමිකම් කොමිසන් සභාව විසින් විමර්ශන ආරම්භ කර ඇත.
සේපාල් අමරසිංහට පහරදීමක් සිදුවී ඇත්තේ දැයි ද පරීක්ෂණ කිරීම සඳහා බන්ධනාගාර රෝහල වෙත යොමුකර ඇතත් එවන් පහරදීමක් සිදුව නොමැති බව වෛද්‍ය වාර්තාවල සඳහන්ව ඇතැයිද වාර්තා වේ.
මෙම සේපාල් අමරසිංහට බන්ධනාගාරය තුළදී හිංසා සිදු වුණ බවට ඔහුගේ ඥාතීන් පිරිසක් විසින් කර ඇති පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇත.