බාලවයස්කාර දැරිය රෝහල් ඇඳ මතම බරපතල ලිංගික අපයෝජනයට ලක් කරලා.!

ගාල්ල කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි දස හැවිරිදි බාල වයස්කාර දැරියකට බරපතල ලිංගික අතවර කරන ලද පුද්ගලයෙකු අද (05) සවස ගාල්ල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයා දැරියට යාබද ඇඳේ ප්‍රතිකාර ලබමින් සිටි 39 හැවිරිදි වෙනත් බාල වයස්කාර දැරියකගේ පියෙකු බවද පොලිසිය පවසයි.

මෙම අතවැරය සිදුව තිබෙන්නේ බාලවයස්කාර දැරියගේ මවට නින්ද ගොස් තිබියදී බව ඇයගේ මව විසින් පොලීසියට ප්‍රකාශ කර ඇත. පසුව දැරිය සිදුවීම මවට පැවසිමෙන් පසු රෝහල් නිලධාරින් විසින් රෝහල් පොලිසියට දැනුම්දී එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

සිදුවීම සම්බන්ධව ගාල්ල පොලිසියේ වැඩිදුර පරීක්ෂාණ මෙහෙයවයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close