සුපිරි නළු ශාරුක් අනතුරකට ලක්වෙයි.!

හදිසි අනතුරක් හේතුවෙන් සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ට සුළු ශල්‍ය කර්මයක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ප්‍රසිද්ධ නොකළ ව්‍යාපෘතියක දර්ශන තලයක සිදුකල රූගත කිරීමක් අතරතුරදී එම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම හදිසි අනතුරෙන් පසුව ශාරුක්ගේ නහයෙන් ලේ ගැලීමක් සිදුව ඇති බවත් අනතුරුව ඔහුව ලොස් ඇන්ජලීස් නුවර රෝහලකට ඇතුළත් කර ඇති බවද වාර්තා වේ.

එලෙස සුපිරි නළු ශාරුක් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහුගේ නාසයට ශල්‍ය කර්මයක් සිදු කළ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Loading

RSS