රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ ඝාතන සැලැස්මක්.!

රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහගේ කාර්යාලය වෙත දුරකථනය ඔස්සේ මරණ තර්ජන එල්ල වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොටුව පොලිස් ස්ථානය විමර්ශනයක් ආරම්භ කර ඇත.

රාජ්‍ය අමාත්‍යවරයාට ඉදිරි මැතිවරණ කටයුතු සඳහා ඉදිරිපත් වීමට ඉඩ නොතබන අතර සිය තර්ජනය නොසලකා කටයුතු කරන්නේ නම් ඝාතනය කරන බවට එම පුද්ගලයා දුරකථනය ඔස්සේ තර්ජනය කර ඇත.

අනතුරුව එම මරණ තර්ජන සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා සිදුකළ පැමිණිල්ලකට අනුව කොටුව පොලීසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement