රජයේ අපේක්ෂිත ඉලක්ක කරා ළගා නොවූ රාජ්‍ය ආයතන තව දුරටත් රැක ගැනීමට මහා භාණ්ඩාගාරයට නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සදහන් කරයි.
උපාය මාර්ගික වශයෙන් වැදගත් රාජ්‍ය ආයතන 52 අතරින් 39ක් ලාභ ලබන බවත් 13ක් පාඩු ලබමින් පවතින බවද මුදල් අමාත්‍යාංශයේ පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.
පාඩු ලබන රාජ්‍ය ආයතන 13හි අලාභය රුපියල් බිලියන 1029ක් වන බවත්, ලාභ ලබන ආයතන 39ක ලාභය රුපියල් බිලියන 218ක් බවත් රටේ සමස්ත වශයෙන් රාජ්‍ය ආයතනවල වාර්ෂික පාඩුව රුපියල් බිලියන 811කට අධික බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.
තවද රටේ ලාභ ලබන ආයතන විසින්, රු.බිලියන 28ක් මහා භාණ්ඩාගාරයට ගෙවිය යුතු අය බදු වශයෙන් ගෙවා ඇති බවත් බොහෝ ව්‍යාපාරවල වෙළෙඳපොළ ඒකාධිකාරයේ වාසිය රජය සතුව තිබියදී මෙලෙස එම ආයතන පාඩු ලබන බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.
රටේ ජනතාව මත බර පටවා එම ආයතන පවත්වාගෙන යාමට නොහැකි බවත් රටේ පොදු මහජනතාවගෙන් එක්රැස් කර ගන්නා මුදල් මෙකී ආයතන නඩත්තුවට වෙන් කිරීමක් වන බවද සියළුම අය දැනගත යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.