ජපානය සහ දකුණු කොරියාව ආසන්නයේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මුහුදේ ගිලී ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
කාලගුණ තත්ත්වය හමුවේ පෙරළුණු භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ කාර්ය මණ්ඩලයේ 9 දෙනකු සොයා මෙහෙයුම් දියත් කර ඇති බවත් එම නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයේ 13 දෙනෙක් බේරාගෙන ඇති බවද සදහන් කරයි.
ටොන් 6,551 පමණ බරැති “Jintian” නම් එම භාණ්ඩ ප්‍රවාහන නෞකාව ජපානයේ නාගසාකි වෙරළ ආසන්න ගැඹුරු මුහුදේදී එසේ ගිලී ගොස් ඇත.
එම නැවෙහි චීන ජාතිකයින් 14 දෙනෙක් සහ මියන්මාර් ජාතිකයින් 08 දෙනෙක් සේවයේ යෙදී සිටි බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දකුණු කොරියානු නිලධාරීන්ට අනුව, නෞකාවේ කපිතාන්වරයා අවසන් වරට දකුණු කොරියාවේ ජෙජු දූපතේ වෙරළාරක්ෂක නිලධාරියා සමඟ චන්ද්‍රිකා දුරකථනයක් හරහා සන්නිවේදනය කර ඇත.
එහිදී සදහන් කර ඇත්තේ කාර්ය මණ්ඩල සාමාජිකයින් නැව අතහැර යන බවයි.
-අනුරාධ වාසල