අද (26) දින පාසලට යමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්වු අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා සිය යතුරුපැදියෙන් කිලෝමීරයක් පමණ දුරට යාමෙන් පසු එය අතහැරදමා අම්බලන්ගොඩ පොලීසිය ගොස් ඇත.
අනතුරුව නියෝජ්‍ය විදුහල්පතිවරයාව ප්‍රතිකාර සඳහා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමට පොලීසිය කටයුතු කර ඇති අතර යතුරුපැදයකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය සදහන් කරයි.
අපරාධ කරුවන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්වූ එම නියෝජ්‍ය විදුහල්පතිවරයාගේ කොන්ද ප්‍රදේශයට තුවාල සිදුවී ඇති බවත් නියෝජ්‍ය විදුහල්පතිවරයා පාතාලයේ අපරාධකරුවෙකු වන කොස්ගොඩ සුජීගේ ඥාතියෙකු බවද පොලීසිය සදහන් කරයි.
තවද නියෝජ්‍ය විදුහල්පතිවරයාගේ බැංකු ගිණුම්වල සැකකටයුතු ලෙස මුදල් සංසරණය වීම හේතුවෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මීට පෙර අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද පොලීසිය සදහන් කරයි.