හම්බන්තොට මුහුදේදී ධීවර බෝට්ටු දෙකක් අනතුරට පත්වීමට අදාළ සිදුවීමක් මුල් කරගෙන අද උදෑසන හම්බන්තොට වෙරළ ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් හා ධීවරයින් අතර බහින්බස්වීමක් සිදුව ඇත.
අනතුරුව හම්බන්තොට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු කාර්යාලයේදී එම දෙපිරිස අතර ඇතිවූ ආරවුලක් සමතයකට පත් කිරීම සඳහා ශ්රී ලංකා නාවික හමුදාව අහසට වෙඩි තබා ඇත.
එම ගැටුම විසුරුවා හැරීම සඳහා නාවික හමුදාව අහසට වෙඩි තබා ඇති බව පොලීසිය සදහන් කරයි.