ඩුබායිහි සැඟව සිටි අපරාධකරුවන් 3ක් කුදලන් එයි.! [UPDATE]

මෙරට සිදු කළ අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටින සැකකරුවන් තිදෙනෙකු අද (07) දිවයිනට රැගෙන ඒමට නියමිත බව පොලීසිය පවසයි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත්ව සිටිනා අදාළ සැකකරුවන් තිදෙනාව මෙරටට රැගෙන ඒම සඳහා පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.

ජාත්‍යන්තර පොලීසිය විසින් රතු නිවේදන නිකුත් කර ඇති මෙම අපරාධකරුවන් තිදෙනා අද දින UL-226 දරණ ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත රැගෙන ඒමට නියමිතය.


 

මෙරට සිදුකළ අපරාධ රැසක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර රතු නිවේදන නිකුත්කර සිටියදී ඩුබායි හිදී අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් තිදෙනෙකු ගුවන්මගින් අද (07) පෙරවරුවේ දිවයිනට රැගෙන ආවේය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් විමර්ශනය කරනු ලබන මනුෂ්‍ය ඝාතන සිද්ධීන් කිහිපයකට මෙම සැකකරුවන් අවශ්‍ය සිටි බව පොලීසිය පවසයි.

ඒ හේතුවෙන් ඔවුන්ට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබුණි.

මෙලෙස දිවයිනට රැගෙන ආ සැකකරුවන් සිදුකළ බවට පැවසන අපරාධ පිළිබඳ විස්තරයක්ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ වනවිට නිකුත්කර ඇත.

රන්මුණි මහේෂ් හේමන්ත සිල්වා 
අවුරුදු 42
ලිපිනය – පුවක්ගහ වත්ත,මාකන්ද, ඌරගස්මංහන්දිය

2024.01.22 වන දින බෙලිඅත්ත පොලිස් වසමේ බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ කහවත්ත ප්‍රදේශයේදී ඩිපෙන්ඩර් වර්ගයේ රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනය කිරීමේ අපරාධයට අවශ්‍ය කරනු ලබන සැකකරුවෙකු වන අතර තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය මගින් විවෘත වරෙන්තු නිකුත් කර ඇත.

කඳගම දෙනියේ ගෙදර ප්‍රදීප් සඳරුවන් නොහොත් චන්දන
අවුරුදු 40
ලිපිනය – ශ්‍රී ආනන්දාරාම මාවත, කොළොන්නාව

2023.06.18 වන දින වැල්ලම්පිටිය පොලිස් වසමේදී පුද්ගලයෙකුට ගිනි අවියකින් වෙඩි තබා තුවාල සිදුකර මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමට අදාලව අවශ්‍ය කරනු ලබන සැකකරුවෙකු වන අතර, අළුත්කඩේ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණය මගින් විවෘත වරෙන්තු නිකුත් කර ඇත.

2022.01.31 වැල්ලම්පිටිය පොලිස් වසමේදී පුද්ගලයෙකුට ගිනි අවියකින් වෙඩි තබා තුවාල සිදුකර මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම.

2021.06.30 වැල්ලම්පිටිය පොලිස් වසමේදී පුද්ගලයෙකුට ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනය කිරීම.

2023.06.05 වැල්ලම්පිටිය පොලිස් වසමේදී ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම.

2023.06.05 වැල්ලම්පිටිය පොලිස් වසමේදී ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම.

2023.02.15 වැල්ලම්පිටිය පොලිස් වසමේදී පුද්ගලයෙකුට පහර දී නිවසේ දේපොළවලට අනර්ථය සිදු කිරීම.

නාඩකන්දගේ උපාලි නොහොත් රොටුඹ උපාලි
අවුරුදු 39
ලිපිනය – පුවක්වත්ත, දෙන්කන්දලිය

2008.10.01 වන දින අකුරැස්ස පොලිස් වසමේ දී පුද්ගලයෙකු කපා ඝාතනය සිදු කිරීමට අදාළව අවශ්‍ය කරනු ලබන සැකකරුවෙකු වන අතර මාතර මහාධිකරණය මගින් විවෘත වරෙන්තු නිකුත් කර ඇත.

2008.04.16 වන දින මාවරල පොලිස් වසමේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිද්ධියක සැකකරුවෙකු වන අතර මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.

ඌරුබොක්ක පොලිස් වසමේදී වයස අවුරුදු 15 මාස 03ක දැරියක් නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරනය කර ස්ත්‍රී දුෂණය කිරීම සම්බන්ධයෙන් මාතර මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Follow
Search
Popular Now
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...

We are happy to invite you.

දවසේ සිදුවන සිදුවීම් අතරින් ඔබ දැනගතයුතුම දේ පිළිබදව එසැණින් දැනුවත් කරනා අපගේ WhatsApp Group එකට දැන්ම එකතු වෙන්න

hot list

Trending