කබ්රාල්ගේ බැඳුම්කර නඩුව සම්බන්ධයෙන් තීරණයක්.!

Local news (Sinhala)ජනවාරි 24, 2025259 Views

කොළඹ මහාධිකරණය ඊයේ (23) දැනුම් දුන්නේ ග්‍රීසියේ බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් රජයට රුපියල් කෝටි 184ක මුදලක් අහිමි කිරීමේ චෝදනාව යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පස්දෙනකුට එරෙහිව පවරා ඇති අල්ලස් නඩුව පවත්වාගෙන යෑමට ඉඩ දෙනවාද? නැද්ද? යන්න පෙබරවාරි 21දා ප්‍රකාශ කරන බවයි.

කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ඉදිරියේ දෙවැනි වරටත් නඩුව කැඳවූ අවස්ථාවේ අල්ලස් හෝ දූෂණ කොමිසමේ නීතිඥයන් විත්තියේ නීතිඥයන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවන්ට ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කරන ලදි.

කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා ඒ පිළිබඳ තීන්දුව මීළඟ නඩු දින ප්‍රකාශ කරන බව දන්වා සිටියේය.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට අමතරව නියෝජ්‍ය අධිපතිවරු වන කේ.ඩී. ධර්මසේන ධීරසිංහ, බී.ඩී. වසන්ත ආනන්ද සිල්වා සහ සහකාර අධිපතිවරුන් වන චන්ද්‍රසිරි ජයසිංහ පණ්ඩිත සිරිවර්ධන, එච්.ඒ. කරුණාරත්න මහත්වරු සෙසු වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Follow
Search
Popular Now
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...

We are happy to invite you.

දවසේ සිදුවන සිදුවීම් අතරින් ඔබ දැනගතයුතුම දේ පිළිබදව එසැණින් දැනුවත් කරනා අපගේ WhatsApp Group එකට දැන්ම එකතු වෙන්න

hot list

Trending