ජනපති අනුර ප්‍රමුඛ රජයට අමෙරිකාවෙන් පැසසුම්.!

ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සහ වංචා හා දූෂණ වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ රජයේ ඇති කැපවීම ප්‍රශංසනීය බව ශ්‍රී ලංකා අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් සදහන් කළාය.

ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සමුළුවේදී ශ්‍රී ලංකා ඇමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මේ බව සදහන් කළාය.

රටට හිතකර දේශපාලන හා ආර්ථික සංස්කෘතිය යළි ඇතිකිරීම පෙන්නුම් කරන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ගන්නා ස්ථිර පියවර මොනවාදැයි යන්න පිළිබඳව සහ ඒ යටතේ ක්‍රියාත්මක කරන දූෂණ විරෝධී හෝ ඉන් ඔබ්බට ගිය ප්‍රතිසංස්කරණවලට දායක විය හැක්කේ කෙසේදැයි යන්න පිළිබඳව අමෙරිකාව පමණක් නොව සියලුදෙනාම බලා සිටින බව ඇය සදහන් කළාය.

රට ආර්ථිකය සංවර්ධනය කරා රැගෙන යන විනිවිදභාවයෙන් යුත් නීතිය මත පදනම් වූ ආයෝජන ‌වටපිටාවක් නිර්මාණය කිරීම සදහා ශ්‍රී ලංකාවේ අමෙරිකානු වාණිජ මණ්ඩලය වැනි හවුල්කරුවන් සමග එක්ව කටයුතු කිරීමට නව රජයට ඇති කැපවීමද ප්‍රශංසනීය බවද ඇය සදහන් කළාය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ කැපවීම්වලට අනුකූලව රට ඉදිරියට ගෙන යාමට ඇති කැපවීම සහ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කර අවසන් කිරීම අමෙරිකාව අගය කොට සළකන බව ඇය සදහන් කළාය.

නව රජය ගිවිසුම්වලට ගරු කරනු ඇත්ද.? අකාර්යක්ෂම රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය කරයිද.? කෘතිම බුද්ධිය අපගේ ව්‍යාපාර රැගෙන යන්නේ කොතැනටද.? විදේශීය සමාගම්වලට මෙරට ආයෝජන ක්ෂේත්‍රයේ සම මට්ටමේ ක්‍රීඩා පිටියක් නිර්මාණය වෙයිද.? යන ප්‍රශ්නවලට කුමන ආකාරයේ පිළිතුරක් ලැබේදැයි සියලුම දෙනා බලා සිටින බවද ඇය සදහන් කළාය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.