By unusuma.lk on
(LK time)පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් පාර්ලිමේන්තු ධුරයක් දැරීමට නුසුදුසු අයකු බවට නිගමනය කරන ක්වෝ වොරන්ටෝ අඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සමක් සලකා බැලීමට ජනවාරි මස (31) වැනිදා කැදවන ලෙස අභියාචනාධිකරණය දින නියම කර ඇත.
මන්ත්‍රී අර්චුනා රාමනාදන් වෛද්‍ය නිලධාරි තනතුරෙන් ඉල්ලා අස්වීම ලබානොදී පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී ඇති බවත් රජයේ සේවකයකු ලෙස ඔහු එමගින් මැතිවරණ නීතිය උල්ලංඝනය කර ඇති බවත් පෙත්සම්කරු පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට කියා ඇත.
අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඕෂල හේරත් විසින් ගොනුකර තිබූ එම පෙත්සම (15) කැඳ වූ අතර එය කරුණු සලකා බැලීම සදහා ලබන ජනවාරි (31) වැනිදා කැඳවීමට විනිසුරු මඬුල්ල දින නියම කළේය.
රජයේ සේවයෙන් ඉවත් නොවී පාර්ලිමේන්තු මැතිවරණයට නාමයෝජනා භාරදිම නීති විරෝධී වන බැවින් මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ධූරයක් දැරීමට නුසුදුසු බවට තීන්දු කොට එම මන්ත්‍රි ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා ඇත.
පෙත්සම්කරු සිය පෙත්සම මගින් කියා සිටින්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ඉකුත් මහ මැතිවරණයේදී නාමයෝජනා භාරදී තිබෙන්නේ රජයේ වෛද්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් බවත් රාජ්‍ය සේවයෙන් ඉවත් නොවී නාමයෝජනා භාරදීම නීති විරෝධී බව පෙන්වා දෙන පෙත්සම්කරු එය මැතිවරණ පනතේ විධි විධානයන්ට පටහැනි බවත් සඳහන් කරයි.
පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය අර්චුනා රාමනාදන්, පාර්ලිමේන්තු මහලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.