මහ බැංකුවෙන් මහජනතාවට තරයේ අවවාදයක්.!

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් ව්‍යාපාර පනත සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවට තරයේ අවවාද කර තිබේ.

එම නිවේදනයේ සඳහන් වන්නේ 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 10(2) උප වගන්තියට අනුව, මුදල් සමාගමක් හෝ පනතේ 10(6) උප වගන්තියෙහි නිශ්චිතව සඳහන් වන ආයතනයක් හැර, වෙනත් තැනැත්තකු විසින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා මිස, ‘මුදල්’, ‘මුල්‍යකරණය’ හෝ ‘මුල්‍ය’ යන වචන තනිව හෝ වෙනත් වචන සමඟ එක්ව හෝ ඉන් සෑදුන යම් වචනයක් හෝ එහි යම් අන්වක්ෂරිකරණයක් හෝ වෙනත් භාෂාවක ඊට සමාන වචනයක් හෝ, ඒ තැනැත්තාගේ නමේ හෝ විස්තරයේ හෝ ව්‍යාපාර නාමයේ කොටසක් ලෙස භාවිතා කරනු නොලැබිය යුතු බවයි.

මෙහිදී වැඩිදුරටත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ඉහත ප්‍රතිපාදනය උල්ලංඝනය කරන හෝ ඊට අනුකූල වීමට අපොහොසත් වන ඕනෑම පුද්ගලෙයකු මෙම පනතේ 56(4) උප වගන්තිය ප්‍රකාරව පනත යටතේ වරදකට වරදකරුවක් වන බැවින් ඉහත කී නීතිමය අවශ්‍යතාවය පිළිපදින ලෙස මහජනතාවට තරයේ අවවාද කර සිටින බවයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.