By unusuma.lk on
(LK time)ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කළ පරිද්දෙන් ඉදිරි අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් සැලකිය යුතු මට්ටමකින් අනිවාර්යයෙන්ම වැඩි වන බව කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ සදහන් කරයි.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩ සටහන පිළිබදව ජනවාරි (01) වනදා සිට මුලික ප්‍රචාරණ කාලයක් යොදා ගත්තද නියම ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලබන පෙබරවාරි (01) වනදා සිට පටන් ගන්නා බවද නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ සදහන් කරයි.
නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ සදහන් කළේ,
“සමහරු කියනවා අපි මාධ්‍ය මර්දනය කරනවා කියලා. නැහැ අපි එහෙම කරන්නේ නෑ. ඔවුන් කරන වරද පෙන්වා දීම පමණයි කරන්නේ. හිටපු ඇමැති කෙනෙක් කියනවා අපි මාධ්‍ය මර්දනය කරනවා කියලා, එහෙම නෑ. අපිට අයිතියක් තියෙනවා ඇත්ත කියන්න. නැත්තං මිනිස්සු ඔක්කොම වැරදි විදිහට තේරුම් ගනීවි.
දැන් පාර්ලිමේන්තුව ඇතුළෙ ඉන්න සමහරුන්ට මේ වෙනස දරා ගන්න බෑ. අපේ සමහර පරාජිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගැන විපක්ෂය කියන කතා බැලුවම ඒක පැහැදිලියි. පාලනයට උපන් පිරිසක් බව හිතාගෙන හිටපු කණ්ඩායමක් පසුගිය නොවැම්බර් (21) දා මේ රටේ සුවහසක් ප්‍රගතිශීලී ජනතාවගේ මනාපයෙන් ගෙදර යැව්ව. ඒක දරාගන්න බැරි පිරිස අද වෙන කොට අපිට මඩ ගහනවා.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩ සටහන පිළිබඳව ඉකුත් ජනවාරි (01) වනදා සිට මුලික ප්‍රචාරණ කාලයක් යොදා ගත්ත. මේ අතරෙදී පොලිසිය හදිසියේ චක්‍රලේඛන නිකුත් කරල බස් රථ ත්‍රිරෝද රථවල කැලි ගලවන්න පටන් ගත්ත. මිනිස්සු හිතුවා මේක තමයි ක්ලීන් ශ්‍රී ලංකා කියලා. නියම ක්ලීන් ශ්‍රී ලංකා ඒක නෙමෙයි. නියම ක්ලීන් ශ්‍රී ලංකා ලබන පෙබරවාරි (01) සිට පටන් ගන්නවා. මේව පෙන්නල ඇතැමුන් රට වෙන තැනකට යවන්න හදනව.
ඒ කොහොම වුණත් ලබන අයවැයෙන් අනිවාර්යෙන්ම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි වෙනවා. ඒ බව පසුගියදා ජනාධිපතිවරයා පවසා තිබුණා. ඒ ගැන කිසිවකු සැකයක් තබා ගන්න එපා. ඒ චිතරක් නෙමෙයි ගුරුවරුන්ගේ තුනෙන් දෙකේ වැටුප් විසමතාවත් විසඳන්න මූලික සාකච්ඡා මේ වෙන කොට පටන් අරන් තියෙන්නේ.”
පසුගියදා පැවති ශ්‍රී ලංකා වෘත්තීය විදුහල්පතිවරුන්ගේ සංගමයේ වාර්ෂික සමුළුවට එක්වෙමින් කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මේ බව සදහන් කරයි.