අපරාධ නඩු නීතිපතිගෙන් ගලවයි.?

Main news (Sinhala)Local news (Sinhala)Attention (Sinhala)පෙබරවාරි 15, 2025259 Views

ශ්‍රී ලංකාව තුළ 1970 – 1977 පාලන කාලයේ ක්‍රියාත්මක වූ රජයේ අපරාධ නඩු අධ්‍යක්ෂ තනතුරක් (අභිචෝදක) ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව මේ වනවිට නීතිපතිවරයා යටතේ මෙහෙයවන අපරාධ නඩු අපරාධ නඩු අධ්‍යක්ෂ තනතුර යටතේ ඉදිරියට ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් වෙයි.

මෙම තනතුර ස්ථාපිත කිරීමට අදාළ මූලික කටයුතු මෙහෙයවීමට කමිටුවක් පත් කිරීමටද රජය යෝජනා කර ඇත. එම කමිටුවට අධිකරණ අමාත්‍යංශ ලේකම් ජ්‍යෙෂ්ඨ අධිකරණ විනිසුරුවරයකු, නීතිපතිවරයා හෝ ඔහුගේ නියෝජිතයකු, ශ්‍රී ලංකා නීතිඥ සංගම් සභාපති හෝ ඔහු නම් කරන නියෝජිතයකු පත් කිරීමට යෝජිතය.

රජයේ අපරාධ නඩු අධ්‍යක්ෂ තනතුර ස්ථාපිත කළ පසු නීතිපතිවරයා සිවිල් නඩු මෙහෙයවන අතර අපරාධ නඩු රජයේ අපරාධ නඩු අධ්‍යක්ෂ විසින් මෙහෙයවනු ලැබේ.

1977 වසරේ ජේ.ආර්. ජයවර්ධන රජය මගින් මෙම තනතුර දේශපාලනීකරණය වී ඇතැයි චෝදනා කරමින් එය අහෝසි කර දමනා විට එම තනතුර හොබවන ලද්දේ රන්ජිත් අබේසූරිය සහ කෙනත් සෙනවිරත්න යන මහත්වරුන්ය.

වර්තමානයේද ලොව රටවල් රැසක අපරාධ නඩු මෙහෙයවන්නේ අභිචෝදක (අපරාධ නඩු අධ්‍යක්ෂ) විසිනි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම පත්වීම සම්බන්ධයෙන් පූර්ණ එකඟතාවක් ප්‍රකාශ කර නොමැති අතර සිය මතය ඉදිරියේදී නිල වශයෙන් ප්‍රකාශ කරනු ඇත.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Follow
Search
Popular Now
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...

We are happy to invite you.

දවසේ සිදුවන සිදුවීම් අතරින් ඔබ දැනගතයුතුම දේ පිළිබදව එසැණින් දැනුවත් කරනා අපගේ WhatsApp Group එකට දැන්ම එකතු වෙන්න

hot list

Trending