කොළඹ හතේ නෝනෙකුගෙන් තඹුත්තේගම ජනපතිට දැනමුතුකමක්.!

දෙරණ නාලිකාවේ හිටපු මාධ්‍යවේදනි දිල්කා සමන්මලී සිය මුහුනු පොතේ සටහනක් තබමින් පවසන්නේ ගැලරිය පිනවන කතා ජනාධිපතිවරයෙකුට සුදුසු නොවන බවත් තඹුත්තේගම නොව මොන තූත්තුකුඩියේ සිට පැමිණියත් දැන් ඔබ රටේ ජනාධිපති බවත් ය.

ඇය මෙම අදහස් පළ කර ඇත්තේ ජනාධිපති අනුර දිසානායක මහතා විසින් අලුත්ගම ප්‍රදේශයේදී පැවති ජන හමුවක් අමතමින් සිදු කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

එම නිවේදිකාව දෙරණ නාලිකාවෙන් ඉවත්ව ගොස් දැනට ඔස්ටෙ‍්‍රලියාලියාවේ සිඩ්නි නුවර ජීවත්වන අතර තම සමාජ ජාල ගිණුම් හරහා ආන්දෝලනාත්මක මෙන්ම සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් පහුගිය වකවානුව තුල සමාජයේ දැඩි විවේචනයන්ටද ලක්වූ කාන්තාවකි.

ඇගේ මුහුනු පොතේ සටහන මෙසේය,

“ජනාධිපතිතුමනි, ඔබ රටේ බහුතරයක කැමැත්තෙන් ජනවරම ලබා ගත්ත ජනාධිපතිවරයා,හිටපු ජනාධිපතිවරයාගෙ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නැත්නම් ආරක්ෂකයෝ දෙතුන් දෙනෙක් දුන්නත් ප්‍රශ්නයක් නෑ.එහෙම කරන්න පුළුවන් නං ඒක වඩා හොඳයි. හැබැයි තවමත් ගැලරිය පිනවන ලාභාල කතා ජනාධිපතිවරයෙක්ට සුදුසු නෑ. තඹුත්තේගම නෙවෙයි මොන තුත්තුකුඩියක ඉඳලා ආවත් ඔබ දැන් රටේ ජනාධිපති”

Loading

Tell me 💬
Notify of
guest
8 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.