අමුතු දොස්තර වෙන්න හැදූ දොස්තරට අධිකරණයෙන් දුන් නියෝගය.!

Local news (Sinhala)ජනවාරි 24, 2025259 Views

අධිකරණයේ පවරා ඇති නඩුවකට පෙනී නොසිට සිය රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් අසත්‍ය වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළැයි කියන නිර්වින්දන විශේෂඥ වෛද්‍ය දොන් බුද්ධික නුවන් කරුණාරත්න පෙබරවාරි (13) දක්වා රක්ෂිත බන්ධනාග භාරගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න (23) නියෝග කළේය.

අධිකරණ නියෝග මත කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයා ප්‍රමුඛ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් විසින් ඉදිරිපත් කරන ලද වෛද්‍ය වාර්තාව සලකා බැලූ විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළේය.

මෙම විත්තිකාර විශේෂඥ වෛද්‍යවරයාට අධිකරණය හමුවේ පෙනී නොසිටීමට තරම් රෝගයක් නොමැති බවට ඒ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය වාර්තාවේ සදහන් වන බවත් ඒ අනුව අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විත්තිකරු විසින් අධිකරණය නොමග යැවීමට කටයුතු කර ඇති බව පෙනී යන බව විනිසුරුවරයා අධිකරණය හමුවේ සදහන් කළේය.

තීරු බදු රහිත බලපත්‍රවලට විදේශ රට වලින් වාහන ගෙන්වා දෙන බව පවසා වෛද්‍යවරුන්ගෙන් මුදල් ලබාගෙන සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා යටතේ නීතිපතිවරයා විත්තිකරුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

මෙම නඩුව 2024 වසරේ නොවැම්බර් මස අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර වෛද්‍යවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටිමින් සිය අසනීප තත්ත්වය පිළිබඳව කරුණු දක්වා වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර පසුගිය (17) වැනිදා ද අධිකරණය හමුවේ නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර වෛද්‍යවරයා අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහුගේ ඇපකරු විසින් විත්තිකරුගේ අසනීප තත්ත්වය හේතුවෙන් පෙනී සිටිය නොහැකි බව අධිකරණයට දැනුම් දී ඇත.

අනතුරුව අධිකරණය විසින් කරන ලද නියෝගයක් මත විත්තිකරු පසුගිය (20) වැනිදා අධිකරණයේ හමුවේ පෙනී සිටි අතර පැමිණිල්ල මෙහෙය වන රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ අකලංක බාලපටබැඳි කරුණු ඉදිරිපත් කරමින් කරන ලද ඉල්ලීම අනුව විනිසුරුවරයා විත්තිකරු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර වහාම ඔහුගේ සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබුණේය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Follow
Search
Popular Now
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...

We are happy to invite you.

දවසේ සිදුවන සිදුවීම් අතරින් ඔබ දැනගතයුතුම දේ පිළිබදව එසැණින් දැනුවත් කරනා අපගේ WhatsApp Group එකට දැන්ම එකතු වෙන්න

hot list

Trending