
By unusuma.lk on
(LK time)ස්පේස් එක්ස් සමාගමේ නවතම ස්ටාර්ෂිප් රොකට්ටුවේ අත්හදා බැලීම සාර්ථක වෙමින් අභ්‍යවකාශ ගත කළද විනාඩි කීපයක් තුළ එය පුපුරා ගොස් විනාශ වු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හදිසියේ පුපුරා ගිය රොකට්ටුවේ සුන්බුන් අහසේ සිට පොළවට වැටීම හේතුවෙන් මෙක්සිකෝ බොක්ක හරහා පියාසර කළ ගුවන් යානාවල මාර්ගය වෙනස් කිරීමට බලධාරීන්ට සිදුවූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම රොකට්ටුව පුපුරා යාම හේතුවෙන් හයිටි රාජ්‍යයේ අගනුවර වන පෝට් ඕ ප්‍රින්ස් හි අහසේ උල්කාපත වර්ෂාවක් මෙන් තැඹිලි පැහැති ආලෝක බෝල ඉරි තැළෙන ආකාරය දිස්වූ බවත් ඉන් පසුව අහස ඝන දුමාරයකින් වැසී ගිය බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම සමාගමේ දකුණු ටෙක්සාස්හි රොකට්ටු අභ්‍යවකාශගත කරන මධ්‍යස්ථානයේ සිට එරට වේලාවෙන් පස්වරු 5.38 ට පමණ ස්ටාර්ෂිප් රොකට්ටුව ආදර්ශ චන්ද්‍රිකාවක් සමග අත්හද බැලීමට අභ්‍යවකාශගත කර ඇති බවත් අභ්‍යවකාශගත කර විනාඩි 8 කට පසුව රොකට්ටුව පුපුරා ගොස් ඇත.
ආදර්ශ චන්ද්‍රිකාවක් සමග ස්ටාර්ෂිප් රොකට්ටුව අත්හද බැලූ ප්‍රථම අවස්ථාව මෙය බවත් ආදර්ශ චන්ද්‍රිකාව කාර්ය මණ්ඩලය නොමැතිව අභ්‍යවකාශ ගත කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.