By unusuma.lk on
(LK time)ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වන්නේ නිවාස සංවර්ධන අධිකාරිය රුපියල් කෝටි 842 කට අසන්න භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඒකක 14022ක් ඉදිකිරීමට සැලසුම් කර තිබුණද 2023 දෙසැම්බර් මාසය වන විට එම මුදලින් රුපියල් කෝටි 770 කට අධික මුදලක් වැය කර ඉදිකර තිබුණේ නිවාස ඒකක 7744 ක් පමණක් බවයි.
එමෙන්ම එම ව්‍යාපෘතිය අතරතුර නිවාස ඒකක 75 ක ඉදිකිරීම් අත්හිටුවා තිබූ බවද වාර්තා වන අතර මෙම නිවාස ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ ” ඔබට ගෙයක් රටට හෙටක්” තේමාව යටතේය.
එවකට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය බාරව කටයුතු කර ඇත්තේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වේ.