හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ද්‍රදාස ජීවිතයෙන් සමුගනී.!

හිටපු අමාත්‍යවරයෙකු සහ මන්ත්‍රීවරයෙකු වූ ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි අභාවප්‍රාප්ත වී ඇති අතර ඔහු මියයනවිට 98 වියේ පසුවිය.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් 1977 වසරේ පාර්ලිමේන්තුවට පිවිසි ඔහු 1993 දක්වා වසර 17ක් පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර කළුතර දිසා අමාත්‍ය, පොල් කර්මාන්ත හා භෝග විවිධාංගීකරණ අමාත්‍ය යන තනතුරු ඔහු විසින් දරා ඇත.

මෙරට දේශපාලනයේ දැනට ජීවත්ව සිටි වයෝවෘද්ධම දේශපානඥයා වශයෙන් සැලකූ ඔහු 1948 වසරේ පැවැති කුඹුකපන්තුව ගම් කාර්ය සභාවේ මැතිවරණයෙන් හේනේගම කොට්ඨාසයේ ගම්කාර්ය සභික ධුරයට නිතරගයෙන් පත්වෙමින් සිය දේශපාලන ගමන් මග ආරම්භ කළේය.

පොකුණුවිට ජන සෙත පදනම ව්‍යාපෘතිය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසක් දියත් කර ඇති ඔහු හොරණ රාජකීය විද්‍යාලයේ නිර්මාතෘවරයාද වන්නේය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.