ඊශ්‍රායල් හමුදා සාමාජිකයන්ට ලංකාවේ දොරටු වසා දමන්න.. ජනපතිගෙන් ඉල්ලයි.!

ශ්‍රී ලංකාවේ සංචාරය සදහා පැමිණෙන ඊශ්‍රායල් ජාතික හමුදා සාමාජිකයන් හෝ හමුදා විශ්‍රාමිකයන්ට විසා ලබා නොදෙන ලෙස ජාතික ෂූරා සභාව ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ලිඛිත ඉල්ලීමක් කරයි.

ඊශ්‍රායල් ජාතික සංචාරකයන්ගේ ක්‍රියාකාරකම් අධීක්ෂණය කරන අතර මෙරට සංචාරක වීසා ඉල්ලුම්පත් ක්‍රියාවලිය තියුණු කරන ලෙසද එම කවුන්සලයේ මහලේකම් රෂිඩ් එම්. ඉමිතියාස්ගේ අත්සනින් යුතුව යවන ලද එම ලිපියේ සදහන් කර ඇත.

මෙරට සිටින හා සංචාරක වෙසින් එන ඊශ්‍රායල් ජාතික හමුදා සාමාජිකයන්ගේ ක්‍රියාකාරකම් නිසා සමාජ සාමය මෙන්ම ජාතික ආරක්ෂාව ඇතුළු බොහෝ පැතිකඩවලින් අනිසි බලපෑම් සිදුවන බවද එම ලිපියේ සදහන් කර ඇත.

කිසිදු බාධාවකින් තොරව විදේශ සංචාරකයන්ට මෙරටට පැමිණීමට පහසුකම් සලසා දීමෙන් ආර්ථික ලාභ ඇතිවන බව සැබෑ නමුත් ඊශ්‍රායල හමුදා සේවයේ යෙදී සිටින හා පෙර සේවයේ යෙදුණු ඊශ්‍රායල ජාතිකයන් මෙරටට ඇතුළු වීමේදී කල්පනාකාරි විය යුතු බවද සදහන් කරයි.

එරට ක්‍රියාකාරකම් දැනටමත් ජාත්‍යන්තරය හෙළා දකින බවත් පලස්තීන ප්‍රශ්නය විෂයෙහි ශ්‍රී ලංකාවේ ස්ථාවරය මෙන්ම මෙසේ පැමිණෙන සමහරු අතින් සමාජ සමගිය බිඳෙන අන්දමේ උසිගැන්වීම් සිදුවන බවද එම ලිපියේ සදහන් කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
15 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.