රජයේ තහනම් නීතිය මහනුවර ධර්මරාජ කඩලා.!

Local news (Sinhala)ජනවාරි 24, 2025259 Views

දිවයින පුරා රජයේ පාසල් වලට සිසුන් ඇතුළත් කරගැනීමේදී අනුමත ගාස්තු හැර මවුපියන්ගෙන් මුදල් ලබා නොගත යුතු බවට අධ්‍යාපන අමාත්‍යංශය චක්‍රලේඛ මගින් දැනුම්දී ඇත.

එහෙත් චක්‍රලේඛ මගින් දැනුම්දී තිබියදී අදාළ චක්‍රලේඛ උල්ලංඝනය කරමින් සිසුන්ගෙන් මුදල් එකතු කර මහනුවර ධර්මරාජ විදුහලේ ප්‍රාථමික අංශය මගින් පවත්වන්නට සුදානම් කර තිබූ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය තාවකාලිකව අත්හිටුවන ලෙස මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විදුහල්පතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත.

ප්‍රාථමික අංශය මගින් මෙම විවිධ ප්‍රසංගය අද (24) දින මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට සූදානම් කර තිබූ අතර මෑතක අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ලෙස පත්වීම් ලැබ ගිය ධර්මරාජ විදුහලේ හිටපු විදුහල්පති කමල් ආරියසිංහ එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීමට නියමිතව සිටියේය.

විවිධ ප්‍රසංගය අතරතුර හිටපු විදුහල්පතිවරයාට ත්‍යාග පිරිනැමීමට ද සැලසුම් කර තිබී ඇති අතර ඒ සදහා ප්‍රාථමික අංශයේ එක් පන්තියකින් රුපියල් 3000 බැගින් එකතු කර තිබෙන බවට පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට තොරතුරු ලැබී තිබුණේය.

මෙයට අමතරව පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කළ මවුපියන්ගෙන් ද මුදල් ලබාගන්නා බවට ලද තොරතුරු මත මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මධ්‍යම් පළාත් අධ්‍යාපන ලේකම් මධුපානි පියසේන, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (අධ්‍යාපන) ප්‍රභාත් මද්දුම ආරච්චි සමග පෙරේදා ඒ සම්බන්ධ සාකච්ඡාවක් පවත්වා ඇත.

එහිදී ගත් තීරණයකට අනුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ධර්මරාජ විදුහලේ වැඩ ආවරණය කිරීම සදහා පත් කර තිබෙන විදුහල්පතිවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර කරුණු සොයා බලා කටයුතු කරන තෙක් ප්‍රාථමික අංශයේ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය තාවකාලිකව අත්හිටුවන ලෙසයි.

මෙම විවිධ ප්‍රසංගයේ නර්තනාංග සදහා සහභාගි වන එක් දරුවකුගේ ඇඳුම් සඳහා බව කියමින් රුපියල් 10,000 බැගින් ප්‍රාථමික අංශයේ සහකාර විදුහල්පතිනිය විසින් ප්‍රාථමික අංශයේ ඇයට හිතවත් ගුරුවරු හා මවුවරු මගින් එකතු කිරීමට කටයුතු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට ද ලිපියක් යොමු කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Follow
Search
Popular Now
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...

We are happy to invite you.

දවසේ සිදුවන සිදුවීම් අතරින් ඔබ දැනගතයුතුම දේ පිළිබදව එසැණින් දැනුවත් කරනා අපගේ WhatsApp Group එකට දැන්ම එකතු වෙන්න

hot list

Trending