
By unusuma.lk on
(LK time)අද (16) පස්වරුවේ වේලනෙයි, සෙට්ටිපුලම් ප්‍රදේශයේ පදිංචි 9 හැවිරිදි පිරිමි දරුවෙකු විදුලි සැර වැදීමකින් මියගොස් ඇතැයි වාර්තාවේ.
මූලික පොලීසිය පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ මියගිය දරුවා නිවසේ රූපවාහිනිය නැරඹීම සඳහා විදුලි සැපයුම සම්බන්ධ කරගැනීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුවන්ට ඇති බවයි.
කෙසේවෙතත් අනතුර සිදුවන අවස්ථාවේ දී දරුවා නිවසේ තනිව සිට ඇති බව වාර්තා වේ.
දරුවාගේ වැඩිහිටියන් යළි නිවසට පැමිණීමත් සමග දරුවා ප්‍රතිකාර සඳහා වේලනෙයි රෝහලට ගෙනගොස් ඇති අතර, රෝහලට ගෙන යන අතරතුර මියගොස් තිබේ.
මේ වනවිට සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය ශික්ෂණ රෝහලට යවා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.