පළාත් පාලන ඡන්ද කෙටුම්පතට එරෙහි පෙත්සම විභාගය අද.!

Local news (Sinhala)ජනවාරි 24, 2025259 Views

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පළාත් පාලන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමක් විභාගය අද (24) දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

පෙත්සමේ සදහන් කර ඇත්තේ පළාත් පාලන ඡන්ද විමසීම සදහා කැඳවන ලද නාම යෝජනා අවලංගු කිරීමේ අරමුණින් ආණ්ඩුව විසින් මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බවයි.

යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත කර තිබෙන ඇතැම් විධිවිධානවලින් ජනතාවගේ ඡන්ද අයිතියට බලපෑම් එල්ල වන බවත් එමගින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් පෙත්සමේ දැක්වෙයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් ජනාධිපති නීතිඥ නිසාම් කාර්යප්පර් විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Follow
Search
Popular Now
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...

We are happy to invite you.

දවසේ සිදුවන සිදුවීම් අතරින් ඔබ දැනගතයුතුම දේ පිළිබදව එසැණින් දැනුවත් කරනා අපගේ WhatsApp Group එකට දැන්ම එකතු වෙන්න

hot list

Trending