
By unusuma.lk on
(LK time)පසුගිය කාලයේ විරුද්ධ මත දරපු පුද්ගලයින් මේ මොහොතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන වැලිපිටිය පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.
එනිසා විපක්ෂයේ නියෝජිතයන් බොරුවට මාධ්‍ය සංදර්ශන නොතියා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ආදරෙයි නම්, එම ලක්ෂ 46ක කුලිය ගෙවා ඔහු නිවසේම තියාගන්නා ලෙසද මන්ත්‍රී කාංචන වැලිපිටිය සදහන් කරයි.
හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවස යළිත් රජයට අත්පත් කර ගැනීම පළිගැනීමේ චේතනාවෙන් කළ දෙයක් නොවන බවත් එය නීත්‍යනුකූලව ඉවත් වීම වැදගත් වන්නේ යැයිද මන්ත්‍රිවරයා සදහන් කරයි.
මන්ත්‍රී කාංචන වැලිපිටිය සදහන් කළේ,
“විපක්ෂය නියෝජනය කරන නියෝජිතයන් මේ සම්බන්ධයෙන් ඒක රාශි වෙලා තිබෙනවා. අපි දකිනවා පසුගිය කාලයේ විරුද්ධ මත දරපු අය මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටිනවා. සමහරු ගෙවල් ගාණේ යනවා.
ගිහින් කියනවා මේ ගෙදරින් අයින් කරන එක වැරදියි. හිටපු ජනාධිපතිවරයාට මේ නිවස දෙන්න ඕනේ. කියලා. ඒ නිසා අපි කියනවා අපේ ආණ්ඩුව පළිගන්නේ නැහැ. අපි කටයුතු කරන්නේ දැනට තිබෙන නීතිත් එක්කයි.
හිටපු ජනාධිපතිවරයකුට උරුමව තිබෙන්නේ රුපියල් 30,000ක කුලියක් සතු නිවසක් නම් එහෙම නිවසකට ඔහු යන්න ඕනෑ. රජයේ තක්සේරුව ලක්ෂ 46ක් වටින නිවසක පදිංචිවෙලා ඉන්නවා.
ඒක නිසා විපක්ෂය නියෝජනය කරන මහින්ද රාජපක්ෂට ආදරේ කරන අය ඉදිරිපත් වෙනවා නම් රජයෙන් ලැබෙන රුපියල් 30,000ට ඉතිරි රුපියල් 45,70,000 ගෙදරම පදිංචි කරවන්න පුළුවන්.
එච්චර ආදරයක් තිබෙනවා නම් මාධ්‍ය සංදර්ශන නොතියා මෙන්න මේ මුදල ගෙවලා ජනාධිපති මහින්ද රාජපක්ෂට ඉන්න කියන්න. ඉතිහාසය පුරාවටම දිගටම අපේ ආණ්ඩුවට මඩගහන අයයි සිටියේ.”